ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කෙරෙන බඳවා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ “2022 වසර සඳහා කැනඩා රජයේ රැකියා සඳහා බඳවා ගැනීම්” පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන දැන්වීම් අසත්‍ය බවයි.
මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ මෙම බඳවා ගැනීම් හරහා ක්ෂණික රැකියා බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවට සඳහන් කරමින් ව්‍යාජ නිවේදනය සිදුකර ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.
මෙම ප්‍රචාරණය අසත්‍ය බව නැවතත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය මහජනතාවට අවවාද කර සිටින්නේ මෙම වංචනිකයින් ගෙන් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙසයි.
මාර්ගගත ආගමන වංචාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය පහත සබැඳිය ද නිකුත් කර ඇත.
https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/protect-fraud.html
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්