කැනඩාව චීන අධිකරණ ස්වාධිපත්‍යයට මැදහත්වීම නතර කළ යුතු බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. කැනඩා ජාතිකයන්ට මත්ද්‍රව්‍ය අපරාධයන් හේතුවෙන් චීනයේ දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙම ස්ථාවරය පැහැදිලි කළාය.
මත්ද්‍රව්‍ය අපරාධයන්‍ට එරෙහිව ක්‍රියා කිරීම ඒ ඒ රටවල පොදු වගකීමකි. නීතිපාලිත රටක් ලෙස චීනය විවිධ ජාතීන්ට අයත් විත්තිකරුවන්ට සමානව සලකන බව Mao Ning මහත්මිය පැවසුවාය. නීත්‍යනුකූල මෙන්ම සාධාරණ ලෙස නීති පිළිපදින චීනය අදාළ සිද්ධිය හා සම්බන්ධ පාර්ශ්වයන්ගේ නිසි අයිතිවාසිකම් හා කැනඩා පාර්ශ්වයේ කොන්සියුලර් අයිතිවාසිකම් සහතික කරන බව ද ඇය සඳහන් කළාය. කැනඩාව නෛතික ජීවගුණයට ගරු කරමින් චීන අධිකරණ ස්වාධිපත්‍යයට මැදහත්වීම නතර කළ යුතු බව Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ යාවජීව ගෞරවනීය සභාපති පදවිය Thomas Bach වෙත පිරිනමයි
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
චීන මාදිලියේ නවීකරණයේදී යුන්නාන් පළාතේ නව සංවර්ධන තත්ත්වයක් නිර්මාණය කළ යුතු බව චීන ජනපති කියයි