කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබේ.අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගැනීම විශේෂත්වයකි.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 28 වනදා පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණ බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව සභිකයින් 343දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් අප්‍රේල් 28 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට පාලන බලය හිමිවනු ඇත.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්