සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැවුමාගේ සමීපතමයෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ‘දියගම මංජු’ නමැත්තෙකි.
ත්රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී ලැබුණු තොරතුරකට අනුව කළුතර උතුර පොලිස් වසමේ ඇලමෝදර පාලම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පන්නිපිටියේ සිදුවූ දියමන්ති කොල්ලයේ ප්රධාන සැකකරු වන්නේද මෙසේ අත්අඩංගුවට ගත් දියගම මංජු නැමැත්තායි.
මෙම සැකකරු සමග එම අවස්ථාවේදී ත්රිරෝද රථයේ සිටි තවත් ජාවාරම්කරුවෙකු අත්ඩංගුවට ගැනුණු අතර ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්රමාණය ග්රෑම් එකකි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්