කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු සංචාරක නවතැන්පොළවල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
බස්නාහිර පදිංචිකරුවන් වරකාපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක නවාතැන්පොළවල ලැඟුම්ගෙන සිටින බවට ලද තොරතුරු මත එම තීරණයට එළඹි බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පද්මකුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 74 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 2,850 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි