අයවැය මගින් ඉදිරිපත් කෙරුණු නව යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීතිමය රාමුව ඇතුළු අනෙකුත් කටයුතු සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ සමග මුදල් අමාත්‍යවරයා පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම අද ආරම්භ කළේය.
මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු රාජ්‍ය අංශයේ විශ්‍රාම විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සහ ජනාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ලබාගෙන කාල සීමාව දීර්ඝ කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන්ද මේ යටතේ සාකච්ඡා කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය අංශයේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ යෝජනාව ක්‍රියාත්මක වන දිනය මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති