කුලියාපිටිය කිරින්දව වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් හමුවී ඇති අතර එය වහුමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
එසේ මියගොස් තිබුණේ වහුමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ රංජිත් කමලසිරි නමැති අයෙකි.
දේහය හඳුනාගැනීම සඳහා පැමිණ සිටි මරණකරුගේ ඥාතීහු එහිදී පොලිසියට පැවැසූයේ මරණකරු කලක පටන් සුළු මානසික ආබාධයකින් පෙළුණු අයෙකු බවයි.
කුලියාපිටිය අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් හා යටිකහ දකුණ කෝරළේ හදිසි මරණ පරීක්ෂක ටී.ජී. කරුණාරත්න ඉදිරියේ සිරුර ගොඩගෙන වැඩිදුර පරීක්ෂණය සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමු කෙරිණි.
එහිදී දේහය සම්බන්ධ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමටද නියමිත විය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි