කිරිපිටි,ගෑස්,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතයි.
ඊට අදාලව මේ වන විටත් කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින් ද,කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් ද,තිරිඟු පිටි කිලෝව රුපියල් දහයකින් සහ සිමෙන්ති කොට්ටයක මිල රු.50 කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි සදහන්.
පාරිභෝගික අධිකාරිය විසින් සකස් කරන ලද එම මිල ගණන් ඇතුළත් යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුපගිය සිකුරාදා දිනයේ පැවැති ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා වී ඇති අතර, එහි වාර්තාව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා .
ඩොලර් හිඟය සහ ලෝක වෙළද පොළේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කිරිපිටි ,ගෑස් සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ගණන් වැඩි කරන ලෙස ආනයනකරුවන් පාරිභෝගික අධිකාරියෙන් මීට පෙර ඉල්ලීමක් කරනු ලැබුවා.
මිල ගණන් සම්බන්ධයෙන් පවතින ගැටලුව හේතුවෙන් පසුගිය දින කිහිපයේ වෙළදපොළ තුල කිරිපිටි ,ගෑස් සිමෙන්ති සහ තිරිඟු පිටි හිගයක් දක්නට ලැබුණු අතර ඊයේ දිනයේ වාර්තා වුණේ වෙළදපොල තුළ සහල් හිගයක්ද පවතින බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්