හල්දුම්මුල්ල දඩයම් පොල කිරිඅම්මා දානමය පිංකමක් පැවැත් වූ නිවසකට සහභාගිවූ 14 දෙනකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා පවසයි.
කිරිඅම්මා දානය පිංකමට සහභාගි වූ මව්වරු දෙදෙනකුට මුලින් ආසාදිත වීමත් සමග කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙම කිරිඅම්මා දානය පැවැත්වූ නිවසේම දෙදෙනකු ඇතුළු එම ගම්මානයේ තව 12 දෙනකු කෝවිඩ් 19 ආසාදනය වීඇති බව තහවුරු වී ඇත.
මේ තත්ත්වය හේතුවෙන් එම ගම්මානයේ පුද්ගලයින් 190 දෙනකු ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති බවත් සෙසු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා වැඩිදුරටත් පැවසීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට