කිසිදු කොන්දේසියකින් තොරව යුක්රේනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
මැදපෙරදිග ප්‍රශ්නය පිළිබඳ ඇමරිකාවේ විශේෂ නියෝජිත Steve Witkoff හමුවූ අවස්ථාවේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා ඒ බව යළි සඳහන් කළේ යැයි පුටින් මහතාගේ මාධ්‍ය ලේකම් Dmitry Peskov ඊයේ(26) කියා සිටියේය.
ඉකුත් 25 වැනිදා පැය 3ක් පුරා පැවති එම හමුව ඉතා ඵලදායී බව රුසියානු ජනාධිපතිවරයාගේ සහායක Yuri Ushakov පැවසීය. රුසියාව හා යුක්රේනය අතර ඍජු සාකච්ඡා යළි ආරම්භ කිරීම පිළිබඳව එම හමුවේ දී අවධානය යොමු ව ඇත.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ඊයේ(26) Vatican නුවර දී කෙටි සාකච්ඡාවක් පැවැත්වූ බව ඉතාලි ANSA ප්‍රවෘත්ති ඒජින්සිය වාර්තා කර ඇත. එම සාකච්ඡාව සාර්ථකව පැවැති බව ධවල මන්දිර ප්‍රවෘත්ති ප්‍රකාශකයෙක් කියා සිටියේය. අඛණ්ඩ සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා ‘පූර්ණ හා කොන්දේසියකින් තොර’සටන් විරාමයක් සම්බන්ධයෙන් තමා ට්‍රම්ප් මහතා සමග එක්ව සාකච්ඡා කළේ යැයි Zelenskyy සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත.
More Stories
පාකිස්ථානයට ජලය සැපයීම අවහිර කරන ක්‍රියාවන්ට එරට අගමැතිවරයාගෙන් දැඩි විරෝධය
ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සත්කාරකත්වය අයුතු ලෙස භාවිත කරන බවට චීනයෙන් චෝදනා
චීනයේ ආයෝජන පිළිබඳ විදේශ ආයෝජක විශ්වාසය ඉහළට