මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රෝගීන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ වසා දැමීම මේ වන විටත් සිදුකර ඇති බව කී හමුදාපතිවරයා රෝග ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ගන්නා බව ද කීවේය.
ඉදිරි දිනවලදී කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක් ඇති බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වන්නැයි ජනතාවට දැනුම් දෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
සති අන්තයේ නිවෙස්වල සිටින ලෙසත්, සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී හමුදාපතිවරයා කොවිඩ් ආසාදිතයකුවීමෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
අවුරුදු සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව කී යුද හමුදාපතිවරයා පොදු ප්‍රවාහන සේවාවල ද වැඩි වශයෙන් පිරිස් ගමන් කිරීම ආදියත් මෙයට හේතු වූ බව සඳහන් කළේය.
එබැවින් ඉදිරි දිනවලදී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේය.
– මුලාශ්‍ර ලංකාදීප පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති