මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කුඩු විකුණු බවට චෝදනා ලද නාකොටික් නිලධාරියකුට අයත් රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් නිවසක් රහස් පොලිසිය විසින් කොට්ටාවෙන් සොයා ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පරෙයි සුදා නමැති අයගේ සහය ඇතිව මෙම නිවස මිලදීගෙන ඇතැයි තොරතුරු ලැබී ඇත. දකුණු මුහුදු තීරයෙන් රැගෙන ආ කුඩු තොගයක් බලපිටියේ හෝටලයක සඟවා තබා කොළඹ රැගෙන එන අතරේදී පාර්ලිමේන්තුව අසල දමා යෑමේ සිද්ධියක් පසුගියදා හෙළිදරව් විය.
මෙම කුඩු තොගය ප්‍රවාහනය කිරීමෙන් පසු ඊට සංතෝසම් වශයෙන් මෙම නිවස මිලට ගෙනදී ඇති බවට තොරතුරු ඇතැයි විමර්ශන නිලධාරීහු පවසති. මේ පිළිබඳ විමර්ශනයක් අරඹා ඇත.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්