දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පොඩි ලැසීගේ ප්‍රධානතම ගෝලයෙකු වන කුඩු රංග අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විශේෂ කාර්ය බලකාය අද පෙරවරුවේ සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී ආයුධ රැසක්ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව ටී 56 ගිනි අවියක්, ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, අත්මාංචු යුගලයක්, ගෑස් බෝම්බ දෙකක් මෙහිදී සොයාගෙන තිබෙනවා. මීට අමතරව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩ 100ක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 30ක් සැකකරු සතුව තිබී සොයාගත්තා.
මේ අතර, බොරැල්ල, සිරිසර උයන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 94යි මිලිග්‍රෑම්132ක් සමග බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් තිරීමට නියමිතයි.
එමෙන්ම, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හික්කඩුව, තිරානගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.ඌරගහ චමිල් ප්‍රියාංග නොහොත් ‘කුඩු සුරංග’ නමැති එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100ක් තිබු බව පොලීසිය කියා සිටියා.
අපරාධ රැසකට සම්බන්ධ එම සැකකරු හික්කඩුව සංචාරක පුරවරයට මත් කුඩු බෙදාහරින අයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්