කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ඇතැම් නිළධාරීන් තැපැල් බෙදීම් හා ඖෂධ බෙදීම් රාජකාරි සඳහා අනෙකුත් තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත ගොස් ඇති බැවින් සෞඛ්‍ය අංශ උපදෙස් මත කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට නියමිතයි.
එමෙන්ම නැවත දැනුම් දෙන තුරු තැපැල් දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරනු ලබන ඖෂධ බෙදීම් රාජකාරි කටයුතුද අත්හිටුවා ඇති බවයි තැපැල්පතිවරයා සඳහන් කලේ.
ඒ සඳහා විකල්ප වැඩපිළිවෙලක් වයඹ පළාත් ප්‍රධාන ලේකම් / කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුලු නිළධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්