කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට මහෙස්ත්‍රාත් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන්
ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් යළි වරෙන්තු නිකුත් කර තිබේ.
සැකකරුවන්ට රටින් පිටවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කුරැණෑගල නගරයේ පිහිටි ඉපැරණි ගොඩනැගිල්ල ඩෝසර් කර විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු විත්තිකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගෙන අද(10) දින අධිකරණයට ඉදරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පසුගිය 07 වනදා නියෝග කර තිබුණා.
එහෙත් විත්තිකරුවන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොතිබීම සහ අධිකරණයට ඉදිරිපත් නොවිම සැලකිල්ලට ගනිමින් අදාල වරෙන්තුව යළි නිකුත් කිරීමටයි අද(10) දින පැමිණිල්ල යළි කැදවු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මෙම පැමිණිල්ල ලබන 13 වනදා යළි කැදවීමට නියමිතයි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්