කුරුනෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකළ බවට සැලකෙන රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කුරුනෑගල නගරාධිපතිවරයා ඉවත් කිරිමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අදාල ගොඩනැගිල්ලේ බුවනෙක හෝටලය ආරම්භ කිරිමට වසර 35 ක බදු පදනම මත ලබා දී ඇත්තේ යහපාලන රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා බවටයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා කලේ.
එම හෝටලය චන්ද්‍රසේන නැමැත්තෙකුට බදු දී ඇති බවත් ඔහු ලී මඩුවක දන්දරේගේ පුතා බවත් පැවසීය.
කුරුණෑගල පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ