පුද්ගලයින් 09 දෙනෙකු ඝාතනය කරන බව පවසා රාජකාරී ගිනි අවිය සමඟ පළා ගොස්, මේ වනවිට සැඟව සිටින රත්නපුර – කුරුවිට පොලිස් ස්ථානයේ සැරයන්වරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැති බව වාර්තා වනවා.
දැනට ඔහු පළා ගොස් දින 15ක් ගත වුවත් තවමත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10 ක්ද මේ වනවිටත් යොදවා තිබෙනවා.
පසුගිය මස 29 වන දා මෙම පොලිස් සැරයන්වරයා රත්නපුරය – සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූ අවස්ථාවේදී ගිනි අවියත් සමඟ පළා ගොස් තිබුණා.
එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට 09 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.
එම 09 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට ප්‍රකාශ කර තිබුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ