කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ තිබූ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් පිළිබඳව යුද හමුදාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ, එම බුද්ධ අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්පවලින් තනන ලද අනුරුවක් බවයි.
වසර ගණනාවක් වෙසක් කලාපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වී ඇතැයි ද යුද හමුදාව සඳහන් කළා.
ඒ අනුව කුරුවිට ගැමුණු හේවා මූලස්ථාන බලඇණි කඳවුරේ තිබූ එම බුද්ධ අනුරුව කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරුතර දොඹවල සිරි විජේඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදුකර දෙසැම්බර් මස 16 වන දින අනුරුව ඉවත්කළ බවයි යුද හමුදාව වැඩිදුරටත් නිවේදනය කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්