ඉන්දියාවේ 29වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද (20) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ මහා සංඝරත්නය සියක් නමක් එම අවස්ථාවට සහභාගි වීම සඳහා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1147 දරන ගුවන් යානය අද අලුයම 05.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමට නියමිතයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ