ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා.
ඒ, එංගලන්ත තරග සංචාරයේ දී ඔහු මුහුණ දුන් උරහිසක ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන් වන අතර ඉකුත් දින දෙකේදී පුහුණුවීම් සදහා ද කුසල් ජනිත් එක්වී නැහැ. මේ අතර, නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් ඊයේ (14) දිනයේ දී කණ්ඩායමේ පුහුණුවීම් සදහා සහභාගී වී තිබුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි