ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය අද (12) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.
මෙම තරඟයට කොවිඩ් ආසාදිතව සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා කැඳවීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
දිගින් දිගටම තරඟ කිහිපයකදී අසාර්ථක වූ භානුක රාජපක්ෂ වෙනුවට ඔහු කණ්ඩායමට එක වෙතැයි සඳහන් විය.
ඒ අනුව පළමු තරඟයේදී හුදකලා සටනක නිරත වූ දිනේෂ් චන්දිමාල් අංක තුන ස්ථානයේ පන්දුවට පහරදීමට ඉඩ ඇති අතර කුසල් පෙරේරා අවිශ්ක ප්‍රනාන්දු සමග ඉනිම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.
දෙරට අතර පැවති පළමු T20I තරඟය ලකුණු 28කින් ජයගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි