ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරා සහ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඔවුන් දෙදෙනා ආබාධවලට ලක්වීම මීට හේතුවෙයි.
කුසල් ජනිත් පෙරේරා එංගලන්ත සංචාරය අතරතුර උරහිසේ ආබාධයකට ලක් වූ අතර එම ආබාධය හේතුවෙන් ඔහු ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින හා 20/20 තරගාවලි දෙකෙන්ම ඉවත් කර තිබෙනවා. ඉන්දීය සංචාරයට නම්කළ කණ්ඩායමට ඔහු ඇතුළත් කර තිබූ නමුත් නායකත්වයෙන් ඉවත් කර දසුන් ශානක නායකයා ලෙස නම්කර තිබිණි.
මේ අතර එංගලන්ත සංචාරයේදී දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු වළලුකර ආබාධයකට ලක්ව සිටින අතර ඒ නිසා ඔහුටද එක්දින තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.
කුසල් ජනිත්ගේ ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල වන අතර ඔහු කණ්ඩායමේ සිටි ජාත්‍යන්තර අත්දැකීම් බහුලම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයායි. ඔහුගේ ඉවත්වීම හේතුවෙන් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙකු ලෙස ඉතිරිව සිටින්නේ ධනන්ජය ද සිල්වා පමණි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්