පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්‍ෂක බුබුල බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනම් පැනවීමට පංච පුද්ගල කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිර්දේශකර තිබේ.
ඒ අනුව හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පැනවීමට නිර්දේශ කර ඇත.
කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පැනවීමට නිර්දේශ කර තිබේ.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි