මොනවා කළත් හෘදසාක්ෂියට බොරු කරන්න බැහැ . මේ රටේ මිලියන විස්සක් පමණ ජනතාව ජීවත් වෙනවා. ඔය අවස්ථාව ලැබෙන්නේ එකොළොස් දෙනෙකුට පමණයි. ඒ එකොළොස් දෙනා අතරට එන්නට විශාල පිරිසක් උත්සාහ දරනවා. අනිත් අයගේ කීර්ති නාමයට කැලලක් නොවන අයුරින් පරිස්සමෙන් සාවදානව කටයුතු කරන ලෙස නියෝග කරනවා. බීමත්ව ව සිටි බවට කරුණු අනාවරණය නොවන බැවින් රුපියල් 50,000 ක ඇපයකට යටත්ව තාවකාලික රියැදුරු බලපත්‍රයක් මුදාහරින බවද පානදුර අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය පැවසීය.
අපරික්ෂාකාරී රිය අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියකට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් මස (29 වැනිදා) තෙක් කල් තබමින් පානදුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා (24 වැනිදා) අධිකරණයේදී මෙසේ නියෝග කළේය.
සැකකරුට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා රුපියල් 50,000 ක ඇපයකට යටත්ව තාවකාලික රියැදුරු බලපත්‍රයක් මුදාහරින ලෙස ද නියෝග කළේය. අනතුර සිදුවී වසරකට ආසන්න කාලයක් සැකකරුගේ රියැදුරු බලපත්‍රය අධිකරණය භාරයේ ඇති අතර, ජාතික ප්‍රවාහන අධිකාරියේ වෛද්‍ය සභා වාර්තාව අධිකරණයට ලැබී ඇති බැවින් සැකකරුගේ රියැදුරු බලපත්‍රය මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න ඉල්ලා සිටීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
සැකකරුගේ රියැදුරු බලපත්‍රයේ පිටපතක් සහ රක්ෂණ සහතික පිටපතක් නඩු වාර්තාවට ගොනු කරන ලෙසද අධිකරණය නියෝග කළේය. මරණයට පත් පුද්ගලයාගේ බිරිඳ වෙත නිවසක් ඉදිකර දෙන බවට සැකකරු පොරොන්දු වී තිබෙන බව උප පොලිස් පරීක්ෂක පාලිත කන්නන්ගර අධිකරණය හමුවේ කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට තමන් සහභාගී නොවූ බවත්, යුක්තියේ සාධාරණත්වය අනුව ඒ පිළිබඳ කටයුතු කරන ලෙස ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නම්, වසර දෙකක් ගතවීමට ප්‍රථම දිසා අධිකරණයේ නඩුවක් පවරන ලෙසත්, නොමිලයේ නීති ආධාර ලබගැනීමට අවශ්‍ය නම් මෙම අධිකරණ පරිශ්‍රයේම ඇති නීති ආධාර කොමිසම වෙත දැනුම් දී නොමිලේ නීති ආධාර ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් අගතියට පත් පාර්ශ්වයට උපදෙස් දෙන ලදී.
(අරුණ පුවත්පත ඇසුරින්)
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්