කෘෂි කර්මාන්තයේ වර්ධනය සදහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීමට කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාවක් බිහිකිරීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි
කෘෂි අංශයේ විද්වතුන් හා ව්‍යාපාරික ආයතන නියෝජිතයන් 130කට වැඩි පිරිසක් එක්වූ මෙම සාකච්ජාව පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි.
කෘෂිකාර්මික අංශයේ පාර්ශවකරුවන් අතර සහයෝගීතාව ඇති කිරීම, දේශීය හා විදේශීය විශේෂඥයින්ගෙන් නව උසස් කෘෂි තාක්‍ෂණ දැනුම ලබාදීම, නව තාක්‍ෂණ පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය සහය ලබා දීම සහ මෙම අංශයට පිවිසෙන්නන් තාක්‍ෂණය පදනම් කරගත් සමාගම් සමඟ සම්බන්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙම කෘෂි තාක්ෂණ නවෝත්පාදන වැඩසටහන යටතේ, කෘෂි තාක්ෂණ සංසද, නිෂ්පාදන වෙළඳපල, කෘෂි තාක්ෂණ උපදේශන ජාලය, කෘෂි තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන අංශය, කෘෂි තාක්ෂණ සමුළුව සහ කෘෂි තාක්ෂණ පාසල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි
එමෙන්ම කෘෂි කර්මාන්තය මත යැපෙන ජීවනෝපාය මාර්ගයන්හි ඉහළ ඵලදායීතාව ඉහළ නැංවීම,වැඩි ආදායමක් ලබාගැනීම සහ,ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කෘෂි තාක්ෂණ කර්මාන්තයේ පාර්ශවකරුවන් අතර අඛණ්ඩ සංවාදයක් සහතික කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සැලසුම් කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්