අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නව රැකියා පත්වීමක් ලබාදී තිබේ.
රමිත් රඹුක්වැල්ල මහතා ඒ බව සිය ෆේස්බුක් ගිණූමෙහි සටහන් කර තිබුණේ පහත ආකාරයෙනි.

කෙසේවෙතත් මේ වනවිට ඒ මහතා එම සටහන සිය ෆේස්බුක් ගිණුමෙන් ඉවත් කරගෙන ඇත.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පුත්‍රයාත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය අලාකා සිං මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් ඒ මහතාගේ ෆේස්බුක් පිටුවෙන් ඊයේ ප්‍රසිද්ධ කර තිබිණි.
රමිත් රඹුක්වැල්ල යනු කාලයක් තිස්සේම ආන්දෝලනයට ලක්වූ පුවත් මැවූ පුද්ගලයෙකු වන අතර වරෙක ඔහු ගුවන් ගමනක් අතරේ ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව විවෘත කිරීමට ද උත්සාහ දරා තිබිණි
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට