කොටසක් කඩාගෙන ගිය පෙරටුගාමීන් සමඟ යළි එක්වීමට ජවිපෙ සූදානම්

 ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජනබලවේගය නම්, පොදු ව්‍යාපාරයේ පංගුකරුවන් වීමට පෙරටුගාමීන් කැමැත්තෙන් පසුවන්නේ නම්, ඊට ඔවුන්  සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කර සිටියේ, ඇතැම් දේශපාලන සිදුවීම්, ඇතැම් දේශපාලන චලනයන් වෙනස් කරනු ඇති බවයි.

සිරස නිවුස්ලයින් වැඩසටහන සමග එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com