පවතින කොරෝනා වෛරසය හමුවේ මියයන ඉස්ලාමීය ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට රජය අවසර ලබා දුන් බව සිලෝන් තව්හිඩ් ජමාත් සංවිධානය නිවේදනය කරනවා.
අදාළ සංවිධානයේ මහා ලේකම් අබ්දුල් රාසික් ගේ අත්සනින් යුත් නිවේදනය , සිලෝන් තව්හිඩ් ජමාත් සංවිධානයේ නිල ෆේස්බුක් පිටුවේ සටහන් කරමින් ඔවුන් මේ පිළිබඳව නිවේදනය කරනවා.
දැනට මෙරට පවතින නිරෝධායන නීති අනුව කොරෝනා හෝ වෙනයම් හෝ අයුරකින් මිය ගිය අයෙකු ආදාහනය කිරීම සිදු කරනු ලැබුවා.
නමුත් මේ පිළිබඳව පසුගියදාපාර්ලිමේන්තු විවාදයක් තුලදී ද දැඩි මතබේදාත්මක අයුරින් සාකච්ඡා වුණා.
කෙසේ වෙතත් ඉස්ලාමීය ජනතාවගේ මෘතදේහයන් තම සිරිත් අනුව භූමදාන කිරීමට රජය අවසර ලබා දී ඇති බවයි සිලෝන් තව්හිඩ් ජමාත් සංවිධානය පවසන්නේ.

More Stories
ජනවාරි මාසයේ ශ්රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්