COVID 19 හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදු වූ බලපෑම අවම කරමින් සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහත දැක්වෙන පරිදි සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන සහ පුද්ගලයින් වෙත සහන සැලසීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ යටතේ මෙම සහන හිමි වනු ඇති.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපංචි වී ඇති සංචාරක හෝටල් අංශය, ගමනාන්ත කළමනාකරණ සමාගම් / සංචාරක නියෝජිතයින්ගේ කාර්යය මණ්ඩලවල සේවකයින්ට මාස 6ක කාලයක් සඳහා මසකට රුපියල් 20,000/- බැගින් වැටුප් ගෙවීම පිණිස 4%ක සහන පොලියක් යටතේ වසර 2ක සහන කාලයක් සහිතව වසර 5ක කාලසීමාවක් තුළ ආපසු ගෙවීමේ පදනම මත ණය පහසුකම් සලසා දීම
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති අවන්හල්, අහර ගැනීමේ ස්ථාන, සම්බාහන සහ සුවතා මධ්‍යස්ථාන ඇතුළු සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ වෙනත් ආයතනවල සේවය කරන එක පුද්ගලයෙකුට මාසයකට රුපියල් 15,000/- බැගින් මස 06ක කාලයක් සඳහා වැටුප් ගෙවීම පිණිස ණය පහසුකම් සලසා දීම
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක මග පෙන්වන්නන් එක් අයෙකුට එක් වරක් පමණක් ගෙවනු ලබන මුදලක් ලෙස රුපියල් 20,000ක දීමනාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගෙවීම
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක රියදුරන් එක් අයෙකුට එක් වරක් පමණක් ගෙවනු ලබන මුදලක් ලෙස රුපියල් 15,000ක දීමනාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගෙවීම
2020 මාර්තු මස 01 සිට අගෝස්තු 31 දක්වා ගෙවිය යුතු විදුලි හා ජල බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 සිට සමාන වාරික 12කින් ගෙවීමට පහසුකම් සලසා දීම සහ එම කාලසීමාව තුළ විදුලි හෝ ජල සැපයුම් විසන්ධි නොකිරීම
සංචාරක කර්මාන්තය ආශ්රිත වාහන කල් බදු ගෙවීම සඳහා ඇති මාස 06ක සහන කාලසීමාව ප්‍රමාද ගාස්තු අයකිරීමකින් තොරව මාස 12ක් දක්වා දීර්ඝ කිරීම
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්