ජනවාරි පළමුවනදා සිට ආරම්භ කෙරෙන පාර්ක් ඇන්ඩ් රයිව් ප්‍රවාහන ක්රමයේ අත්හදා බැලීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදීයි.
සිය පෞද්ගලික රථයෙන් කොළඹ නගරයට පැමිණෙන පුද්ගලයන්ට නිශ්චිත ස්ථානයක එය නතර කර වායු සමනය කල සුඛෝපභෝගී බස් මගින් ගමනාන්තය කරා ගමන් කිරීම මෙහිදී සිදුවනවා.
කොළඹ නගරයට ඇතුලුවන වාහන සංඛ්‍යාව සීමා කිරීම හරහා රථවාහන තදබදය අවම කරගැනීම එහි මූලික අරමුණයි.
ශ්‍රී ලංකා පොලිසිය සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ මූලිකත්වයෙනුයි එය ක්‍රියාවට නැංවෙන්නේ.
බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරීම මෙහිදී මූලික වශයෙන් සිදුකිරීමට නියමිතයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග