නවසීලන්ත නායක කේන් විලියම්සන් එංගලන්ත – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරඟය සඳහා සහභාගී නොවන බව වාර්තා වේ.
ඒ, ඔහුගේ උරහිසේ ඇති ආබාධයක් හේතුවෙනි.
2021 වසර ආරම්භයේදී ඔහුට බංග්ලාදේශය සමග පැවති එක්දින තරඟාවලිය සහ IPL තරඟාවලියේ තරඟ කිහිපයක් අහිමි වූයේද එම ආබාධය නිසා බව විදෙස් මාධ්‍ය පවසයි.
එංගලන්ත – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරඟය අද (10) එජ්බැස්ටන් හීදී ආරම්භ වේ. එම තරඟයේදී සංචාරක කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ උප නායක ටොම් ලේතම් විසිනි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි