නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් තවත් කොරෝනා රෝගින් තිදෙනෙක් තහවුරු වු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
ඒ කොටගල වුටන් නගරයෙන් එක් අයෙක්, කොටගල ඩ්රේටන් තේවත්ත ප්‍රදේශයේ එක් අයෙකු හා තලවාකැලේ දෙව්සිරිපුර ගම්මානයෙන් එක් අයෙකු වශයෙන්.
ඔවුන් තිදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සේවය කළ පුද්ගලයන් වන අතර ඉකුත් 24 වන දා සිදුකල පී .සී .ආර් පරික්ෂණ අනුව ඔවුන් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එම තීරණයත් අනුව කොටගල ප්‍රාදේශිය සභා බලප්‍රදේශයේ කොටගල නගරයේ වෙළද සැල් වසා තැබිමට වෙළද සංගමය විසින් තීරණය කර තිබෙනවා.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්