කොටදෙණියාවේ පිහිටි වානේ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
එම අනතුරෙන් තවත් ඉන්දීය සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
අද පෙරවරු 06:30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ ඉන්දීය ජාතිකයන් 03 දෙනෙකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් එක් අයෙකු මියගොස් තිබෙනවා.
යකඩ උණු කිරීමේදී අදාළ බොයිලේරුව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,000 ට පමණ ඉහළ නංවන අතර එහිදී හටගත් දෝෂයක් හේතුවෙන් කිසියම් පිපිරීමක් සිදුවී තිබෙනවා.
මියගොස් ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පදිංචි 46 හැවිරිදි අයෙකුයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්