උඩුදුම්බර ප්‍රදේශයේ දී කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවලක් ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
කලල්ගමුව ප්‍රදේශයේදී ඌරන්ට ඇටවූ මන්දකට මෙම කොටියා හසුවී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි
පසුව අදාළ පිරිමි සැකකරුවන් දෙදෙනා මන්දට හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසට ගොස් කළ පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරීර කොටස් සොයා ගැනීමට හැකිවී තිබේ.
කොටියාගේ ඉතිරි ශරීර කොටස් සොයා උඩුදුම්බර පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් අද (25)තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි