රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සූදානම් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අදාළ පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන මහජන අදහස් විමසීමෙන් පසුව අවශ්‍ය සංශෝධන සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ මෙම පනත් කෙටුම්පත මුලින් එක්සත් ජාතික පක්ෂ රජය 2018 අපේ‍්‍රල් මාසයේ දී ඉදිරිපත් කරන ලද නමුත් ඊට එල්ල වු විරෝධතා හේතුවන් පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත් අතර අදාළ පාර්ශවකරුවන් සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි.
එම නිසා මහජන අදහස් විමසීමකින් තොරව කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය ගත් හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්