එංගලන්තය හා කොදෙව් කණ්ඩායම අතර සව්දැම්ටන් හි පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් අද (12දා) කොදෙව්වන්ට කඩුලු 4 ක ජයක් ලැබිණි.කිසිදු නරඹන්නෙක් නොසිටි මෙම තරගයෙ,
අවසන් දිනයෙ ලකුණු 200 ක ඉලක්කයක් ඔවුන් හඹා ගියා.එහිදි ජෙමියින් බ්ලැක්වුඩ් ලකුණු 95 ක් ලබා ගත්තා.
එංගලන්තයෙ පළමු ඉනිමෙ කඩුලු 6ක් දවාගැනිමට කොදෙව් නායක හෝල්ඩර් සමත්වුනා.දෙවෙනි ඉනිමෙදි කඩුලු 5 දවාගැනිමට ශෙනන් ගෙබ්‍රියල් සමත්වුනා.
තරගයෙ විරයා ලෙස ශෙනන් ගෙබ්‍රියල් සම්මාන ලබාගත්තා.
මේ ජයග්‍රහණය සමග තරගාවලියේ 1-0 ලෙස ඉදිරියට එමට කොදෙව්වන් සමත්වුනා.එංගලන්තයෙ නිත්‍යනායක ජෝයි රූට් මේ තරගයට සහභාගි වුයේ නෑ.තරගයෙ නායකත්වය දැරුවෙ බෙන් ස්ටොක් විසින්.


එංගලන්තය 1 ඉනිම 204
කොදෙව් 1 ඉනිම 318
එංගලන්තය 2 ඉනිම 313
කොදෙව් 2 ඉනිම 200/6
සටහන- චානක අරවින්ද
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි