සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි Kyle Mayers ලකුණු 22 ක් හා Jason Holder ලකුණු 01 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 ක්, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 386 ක් ලබා ගැනීමට සමත් වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි