තරඟ දෙකකින් යුත් කොදෙව් ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 22 යුත් සංචිතයක් නම් කර තිබෙනවා.
මෙම කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. චරිත් අසලංක, චාමික ගුණසේකර , සුමින්ද ලක්ෂාන් හා කමිල් මිෂාර ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පුද්ගලික හේතුවක් මත මෙම ටෙස්ට් තරඟාවලියට සහභාගි වන්නේ නෑ.
අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියකට සහභාගි වුනේ බංග්ලාදේශ සමඟ වන අතර එම සංචිතයේ ද සිටි චාමික කරුණාරත්න නැවතත් කැඳවා තිබෙනවා.
කොදෙව් සංචාරයේදි ආබාධයකට ලක්වු ලසිත් ඇඹුල්දෙණිය කලකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 22 කින් යුත් සංචිය පහතින්.
දිමුත් කරුණාරත්න ( නායක ) , ඇන්ජලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් , සුරංග ලක්මාල් , විශ්ව ප්‍රනාන්දු , ලහිරු කුමාර , අසිත ප්‍රනාන්දු , ප්‍රවීන් ජයවික්‍රම , මිනෝද් භානුක ,පැතුම් නිශ්ශංක , ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා , චාමික කරුණාරත්න , සුමින්ද ලක්ෂාන් , දුෂ්මන්ත චමීර , චරිත් අසලංක , ඕෂධ ප්‍රනාන්දු , ලක්ෂාන් සඳකැන්, චාමික ගුණසේකර , ලසිත් ඇඹුල්දෙණිය , කමිල් මිෂාර , රමේෂ් මෙන්ඩිස්
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි