ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු තුනක් දැවී ලකුණු 267ක් ලබාගනිමින් ප්‍රබල ස්ථානයක පසුවුණා.
දෙවන දිනයේ තරඟය ආරම්භ වී දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 341 ක් ලබා සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 147 ක් ලබා සිටියදී දැවී ගිය අතර ධනංජය ද සිල්වාද ලකුණු 61 ක් ලබා සිටියදී දැවී ගියා.
පන්දුවට පහරදෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 33 ක් හා සුරංග ලක්මාල් ලකුණු 6 ක් ලබා සිටිනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි