කොදෙව් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
අයහපත් ආලෝක තත්ත්වය හමුවේ ඊයේ දිනයට තරගය නතර කරන විට ලකුණු 348 ක ඉලක්කයක් හඹා යන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 52 ක්.
රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දැඩි අසීරුතාවට පත් වුණා.
කොදෙව් දෙවැනි ඉනිමේ 12 වන පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 18 ක් පමණක් ලබා දෙමින්.
රමේෂ් මෙන්ඩිස් ලකුණු 17 කට කඩුලු 4 යි.
ලසිත් ඇඹුල්දෙණිය කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.
කඩුලු 4 කට ලකුණු 191ක් ලබා සිටියදී ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 386 කට සීමා වුණා.
බටහිර ඉන්දිය කොදෙව් පළමු ඉනිම ලකුණු 230 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි