සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.
අද තරඟය සඳහා පිතිකරුවන් 06 දෙනෙකු, දඟ පන්දු යවන්නන් 03 දෙනෙකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ.
කෙසේ නමුත් චරිත් අසලංක ටෙස්ට් සංචිතය සඳහා කැඳවා තිබුනත් අද දිනයේ පැවැත්වෙන තරඟයේ ඔහුට අවස්ථාවක් නොලැබෙන බවයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි