ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (17 වැනිදා) රාත්‍රි 7.30ට ඇන්ටිගුවාහි කූලිඩ්ජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
දෙරට අතර ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර පුහුණුවක් වශයෙන් මෙම තරගය පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් සමග නිමා වූ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ රොෂේන් සිල්වා අද (17 වැනිදා) මෙම පුහුණුවට සහභාගි වන බවට වාර්තා වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි