20 පරාජය කරන්න සමගි ජනබලවේගය තීරණය කරයි

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වත්, එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබෙනවා.

අද (07) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2දී රැස්වූ අතර එහිදී අදාළ තීන්දුව ඒකමතිකව ගනු ලැබීය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඒ පිළිබඳව යෝජනාව ගෙන ආ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කරනු ලැබුවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com