කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමටත් අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සාක්ෂාත් කර ගැනීමටත් චීනය සැමවිටම කැපවී සිටින බව එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා පවසයි. කොරියානු අර්ධද්වීපයේ ප්‍රශ්නය දේශපාලනිකව විසඳා ගැනීම, විවිධ පාර්ශ්ව අතර සන්නිවේදන නැවත ආරම්භ කිරීම සහ ඊසානදිග ආසියාවේ දිගුකාලීන සාමය හා ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය තවදුරටත් ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇති බව හෙතෙම ඊයේ(19) ප්‍රකාශ කළේය .
කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්ත්වය උණුසුම් වී ඇති අතර එය කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය නොවන දෙයක් බව කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේ ඊයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමේදී Geng Shuang මහතා සඳහන් කළේය.
ඇතැම් රටවල් හමුදා සන්ධාන වගකීම් විරහිතව ශක්තිමත් කිරීම සහ ගැටුම් වැළැක්වීමට සහායක් නොදැක්වීම මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ද හෙතෙම කීය.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්