කොරෝනා සිද්ධියෙන් පසු දෙස් විදෙස් සංචාරකයන්ට විවෘතවූ සීගිරිය නැරඹීමට පොහෝදා (04) 7,000 කට අධික දේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
කොරෝනා ව්‍යාප්තිය සමඟ මාස තුනක කාලයක් සීගිරිය වසා දමා තිබිණි.
පසුගිය පළමුවැනිදා නැවත සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් හට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබිණි.
ඒ අනුව ඇසළ පුන් පොහෝ දිනයේ පමණක් දේශීය සංචාරකයන් හත් දහසකට අධික පිරිසක් සීගිරිය නැරඹීම සඳහා පැමිණි බවද මෑත කාලයේ සිගිරි නැරඹිම සදහා පැමිණි විශාල පිරිස මෙය බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතා පැවසිය .
පැමිණි සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිතව සීගිරි පව්වට ගොඩ කරවීම ශරීර උෂ්ණත්ව පරික්ෂා කිරීම මෙන්ම එම පිරිසට අවශ්‍ය පහසුකම් සපයාදීම ද සිදුකල බවද ඒ මහතා පැවසිය.
*ලංකාදීප
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්