එංගලන්තය පුරා කොරෝනා රෝගීන්ගේ ඉහල යාමක් වාර්ථාවීමක් සමඟ එලඹෙන සඳුදා(14) සිට පුද්ගලයන් 6 දෙනෙකුට වැඩි පිරිසක් එක වර රැස්වීම තහනම් බව බ්‍රිතාන්‍ය රජය මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශ කර සිටියා.
මාස කිහිපයක් ලොක්ඩවුන් කර තිබූ සීමාවන් ඉවත් කිරීමෙන් පසුව අවස්ථා කිහිපයකදී රට පුරා නගර කිහිපයක ප්‍රදේශීය වශයෙන් විවිධ සීමාවන් පැනවූවද නැවත වරක් රටටම බලපාන පරිදි සීමාවන් පැනවූ පලමු අවස්ථාව මෙය වේ.
කෙසේ උවත් පාසල්, රැකියා ස්ථාන, සංවිධානාත්මක කන්ඩායම් ක්‍රීඩා, මංගල හා අවමංගල උත්සව සඳහා මෙම සීමාවන් අදාළ නොවේ.
මෙම නීතියට අනකූල නොවන පුද්ගලයන් සඳහා £ 100 දඩයක් පැනවීමට පොලිසියට බලතල ඇති අතර එය £ 3200 උපරිමයකට යටත් වේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි