කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මෙරටට ගෙන්වීමට සහ එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අවධානය යොමුවී තිබෙනවා.
ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා පත් කළ ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේ එලෙස කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතු බවට ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බවයි.
එන්නත් මෙරටට ගෙන්වීම පිළිබඳව මූලික අධ්‍යයන කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතිනවා.
ඉදිරි සති දෙක ඇතුළත සාධනීය පිළිතුරක් ලබාදිය හැකි බව ද හෙතෙම කියා සිටියා.
විදේශීය එන්නත් මෙරට තුළ ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව මේ වනවිටත් ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්