කොවිඩ් 19 හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීම සඳහා තලෙයිමන්නාරම ප්‍රදේශය සුදුසු බවට යෝජනා වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
කොවිඩ් 19න් මියයන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂඥයන් විසින් ඉදිරිපත් කර තිබෙන මතයන් ද සලකා බැලීමේදී ඒ සඳහා ආරක්ෂිතම ස්ථානය තලෙයිමන්නාරම දූපත බවට යෝජනා වී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන බවද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.
කොවිඩ් 19 හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස මුස්ලිම් ආගමික නායකයින්ගෙන් ඉදිරිපත්වූ යෝජනා සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මන්ඩලයේ ද අවධානය යොමුවී ඇති අතර එහිදී මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරු රැසකගේ කැමැත්ත පළවූ බවද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී කොවිඩ් – 19 හේතුවෙන් වී යන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු කොළඹ ආශ්‍රිතව තිබෙන මුස්ලිම් කනත්ත වලදී භූමිදානය කිරීමට යෝජනා වී ඇති අතර ඊට කැබිනට් මණ්ඩලයේ බහුතරයකගේ විරෝධය ද එල්ල වූ බව එම පුවත්පත පෙන්වා දෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්