ලංකාව කොරෝනා වෛරසය මර්දනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.
පිරිත් පැන් කළයක් ගංගාවට විසි කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් සටහන් පළ වී තිබුණා.
කොරෝනා මර්දනය සඳහා තමන්ට විවිධ ආගමික පාර්ශ්වයන්ගෙන් සිදු කෙරෙන ඉල්ලීම්වලට කන් දෙන බවත් ඒවාට සහභාගි වීමට ද සිදු වන බවත් ඇය සඳහන් කළාය.
ඇතැම් සටහන් සමබන්ධයෙන් අදහස් දක්වමින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ පසුගියදා තමන් සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැම් අය එය උපහාසයට ගෙන තිබෙන බවයි.
තමන් මුහුදට බිලි වීමෙන් කොරෝනා තුරන් වන්නේ නම් තමන් එය කිරීමට කිසිදු පැකිලීමක් නොදක්වන බව ද ඇය තව දුරටත් පැවසුවාය.
කොරෝනා මර්දනයේ දී කිසිදු අවස්ථාවක එය දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට