කොරෝනා අවදානම වැඩි කරන, දකුණු ආසියානු රටවල වැසියන්ට පමණක් සුවිශේෂී වූ ජානයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති.
මෙම සොයා ගැනීම කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ‘ඔක්ස්ෆර්ඩ්’ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ය. ඒ, ‘කොවිඩ් 19’ වයිරසයේ බලපෑම පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීමේදීය.
‘කොවිඩ් 19’ ආසාදනයෙන් පෙනහලු අක්‍රිය වී මරණයට පත්වීමේ අවදානම දෙගුණ කිරීමට මෙම ජානය හේතුවක් වන බව පර්යේෂකයෝ පැහැදිලි කරති. දකුණු ආසියාතිකයන්ට කොරෝනා අවදානම වැඩි වශයෙන් බලපෑමේ හේතුව මෙම ජානය යැයි ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මෙම ජානය දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 60 ක් තුළ පවතින බව අනාවරණ වී ඇති අතර, යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 15 ක් තුළ දක්නට ලැබෙනවා යැයි පැවැසෙයි.
අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට දෙකක් තුළ සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 1.8 ක් තුළ මෙම ජානය හඳුනාගෙන තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්